ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලහාරාජ්‍ය බැංකුවල අනාගතය

2018 අය වැය කථාවෙන් හෙළිදරව් කළ තවත් යෝජනාවක් ලෙසින් ඉදිරිපත් වී ඇති අපගේ  රාජ්‍ය බැංකුවල අනාගත ඉරණම තීරණය වන ෂඵත්‍ බලපෑමක් පිළිබඳව ආර්ථික අංශවල අවධානය යොමු කළ යුතුව ඇත. අවස්ථා කීකපයකදීම මෙබඳු යෝජනා ඉදිරිපත් වූ නමුත් තවමත් දේශීයත්වයට ගරු කරන හා නිවහල් ආර්ථිකයක් පතන සමාජ බලවේග හේතුවෙන් එ්වා ක‍්‍රියාත්මක නොවී යටපත් විය. 90 දශකයේදී මහත් ආන්දෝලනයකට තුඩු දෙමින් රාජ්‍ය බැංකු ජනතාකරණය කිරීමේ මුහුණුවරින් ඉස්මතු වූ අර්බුදය එවකට පැවති එ.ජා.ප. රජයේ මුදල් ඇමතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් දක්වා වර්ධනය විය.

රටේ සංවිධානාත්මක කම්කරු පන්තියේ සහයෝගයද ලබා ගනිමින් බැංකු සේවක සංගමය දියත් කළ ජන මතයක් තුළින් විරෝධතාවයක් ඉදිරිපත් කිරීමේ ව්‍යාපාරයේ සාර්ථකත්වය හමුවේ එම අදහස හකුලා ගැනීමට රජයට සිදු විය. අන්තිමේදී රාජ්‍ය බැංකු තවදුරටත් පූර්ණ රාජ්‍ය අයිතියේම තබා ගනිමින් ප‍්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡුා මාර්ගයෙන් ඉදිරිපත් කළ විකල්ප යෝජනා කි‍්‍රයාත්මක විය. එල්ල වූ අභියෝගය ජය ගැනීමට හැකි විය. එදා එළඹි විසඳුම් මග ලෝක බැංකුවේද පිළිගැනීමට භාජනය වූවක් විය.  2000 දශකයේ දී යළිත් වරක් මෙම අර්බුදකාරී අභියෝගය එල්ල විය. විවිධ නම්වලින් හා නොයෙකුත් ස්වරූප වලින් එළිදකින මෙම යෝජනාව, කලින් ලබා තිබූ අත්දැකීම් පසුබිම තුළ නැවතත් යටපත් කිරීමට හැකි විය. ප‍්‍රතිව්‍යුහගත කිරීම, ව්‍යුහාත්මක සැලසුම්වලට අනුකුළ පියවර ගැනීම, සංවර්ධන ක‍්‍රමෝපායන් හඳුන්වා දීම වැනි විකල්ප මගින් රාජ්‍ය බැංකු වල අයිතියට හානියක් නොවී ඉදිරියටම පවත්වාගෙන යාම සිදු විය.

රාජ්‍ය බැංකුවල කොටස් විකිණීමේ නවතම යෝජනාව එළි දකින්නේ මෙම පසුබිම තුළය. මෙහිදී ඉතා පරිස්සමින් සලකා බැලිය යුතු කරුණු කීපයක් වේ. කොටස් විකිණීම හරහා රාජ්‍ය අයිතිය හීන කරමින් පුද්ගලික අංශය ලවා රාජ්‍ය බැංකු පාලනය කරවීමේ අරමුණක් මෙම යෝජනා පිටුපස පවතින බව ඉතා පැහැදිලි කාරණයකි. එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා විවිධ හේතු කාරක නොයෙකුත් ස්වරූප වලින් ඉදිරිපත් කරමින් තිබේ. පළමුවන ප‍්‍රධාන හේතුව හැටියට පෙන්වා දෙනු ලබන්නේ කළමණාකාරීත්වයේ ක‍්‍රියාසාධන අකාර්යක්ෂම බවයි. බැංකු කර්මාන්තය තුළ පවතින තියුණු තරඟකාරී වාතාවරණයට අනුව රාජ්‍ය බැංකුවල කටයුතු මෙහෙයවීම සඳහා පූ ර්‍ණ ස්වයං පාලන බලතල රාජ්‍ය බැංකු කළමණාකාරීත්වයට දැනට වසර 25 ක සිටම ලබා දී ඇත. එ් හැරෙන්නට රාජ්‍ය බැංකු අතරින් ඉහළ කළමණාකාරීත්වයේ දක්ෂ ප‍්‍රවීණ හා ඵලෝත්පාදක කාර්යක්ෂම ඌණතාවන් පවතින තැන්වලට පිටතින් විශේෂඥයින් බඳවා ගැනීම පවා සිදු වී ඇත. දැනට මෙ අභියෝගාත්මක තත්ත්වයට ඉතා බරපතල ලෙසින් මුහුණ දී සිටින මහජන බැංකුවට වසර 15 ක පමණ කාලයක් තිස්සේ කොන්ත‍්‍රාත් පදනමට නොයෙකුත් අංශ සඳහා විශේෂඥයින් අනුයුක්ත කර තිබේ.

ප‍්‍රධාන විධායක වශයෙන්ද මෙබඳු කොන්ත‍්‍රාත් පදනමින් බඳවාගත් විශේෂඥයෙකු කටයුතු කරන අතර, කළමණාකාරීත්වයේ ජ්‍යෙෂ්ඨ තනතුරු සියල්ලක්ම පාහේ පාලනය වන්නේ මෙම කොන්ත‍්‍රාත් පදනමින් බඳවා ගත් විශේෂඥ කණ්ඩායම මගින්ය. දැනට දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ පවත්වාගෙන යමින් තිබෙන මෙම ක‍්‍රමවේදය බැංකුවේ සංවර්ධනයට හිතකාරී ලෙසින් දායක වී නැත. මෙම විශේෂඥයිනට බැංකුවේ සියලූම ව්‍යාපාරක තීරණ සහ කාරකාත්මක මෙහෙයුම් බලය පැවරී තිබුණද, ඔවුන්ගේ දායකත්වය ඵලදායී වී නැත. මෙම නිලධාරීන්ට වේතන, දීමනා හා වෙනත් සේවා පහසුකම් ලබා දීමේදී බැංකුවල සේව්‍ය – සේවක සබඳතා වලට අදාලව කි‍්‍රයාත්මකව පවතින – සාමූහික ගිවිසුම් වල ප‍්‍රතිපාදන හෝ සාමාන්‍ය කම්කරු නීති රීති වලට අයත් ආචාරධර්ම අදාල වන්නේ නැත. රටේම වැටුප් තල හා සේවා ප‍්‍රතිලාභ හා සංසන්දනාත්මකව බලන විට ඉතා ඉහල මට්ටමකින් එ්වා ඔවුනට ලබාදී ඇත.

මසකට රුපියල් ලක්ෂ 20 කට ආසන්න වැටුප්ද, පුද්ගලික පරිහරණය සඳහා අති සුඛෝපභෝගී වාහන කීපයක්ද, අනිකුත් සාමාන්‍ය සේවකයින්ට හිමි නොමිලේ සැපයෙන වෛද්‍යාධාර දීමනාද, මාසික වැටුප මෙන් දෙගුණයක් එනම් වසකරට රුපියල් ලක්ෂ 40ක ප‍්‍රසාද දීමනාවක්ද එයට අමතරව කාර්සාධනය පදනම්කරගෙන එක් වසකරට මාස 02 ක වැටුප වශයෙන් ගෙවන තවත් ලක්ෂ 40 ක දීමනාවක්ද, අසීමිත සංග‍්‍රහ දීමනාද, විශේෂ වරප‍්‍රසාද සහිතව නිතිපතා ලබාදෙන විදේශ සංචාර හිමිකමද ලබන ප‍්‍රධාන විධායක නිලධාරියෙක් වෙනත් කිසිම පූර්ණ රාජ්‍ය ආයතනයක නැත. එසේ වුවද බැංකුවේ පැවැත්මට හා වර්ධනයට ඔවුන්ගෙන් ලැබෙන දායකත්වය ප‍්‍රමාණවත් නොවන නිසාත්, අසතුටුදායක නිසාත් බැංකුවේ ව්‍යාපාර ම`ගින් උපයා ගත යුතු ලාභය සහ ලඟාකරගත යුතු ප‍්‍රාග්ධන ඉලක්ක වලට ලඟා වීමට මෙම කොන්ත‍්‍රාත්කරුවන් අසමත් වී ඇත. රාජ්‍ය බැංකුවල අයිතිය පුද්ගලික අංශයට හැරවීමේ පියවරක් වශයෙන් බැංකුවේ ප‍්‍රාග්ධනය කොටස් වෙළඳපොළට විවෘත කිරීමට තවත් හේතුවක් හැටියට පෙන්වා දෙන්නේ එ්වායේ කටයුතුවලට දේශපාලන ඇඟිලි ගැසීම් පවතින බවය. දේශපාලන බලපෑම අවම කිරීම සඳහා නෛතික වශයෙන් ගත හැකි විවිධ පියවරද වරින් වර යෝජනා වී ක‍්‍රියාත්මක වී ඇත.

ප‍්‍රධානතම කාරණය වශයෙන් සලකා බලා ඇත්තේ රජයේ තීරණ වලට අනුව සහනදායී පදනමින් විවිධ යෝජනා කි‍්‍රයාත්මක කිරීම නිසා රාජ්‍ය බැංකුවලට පාඩු සිදුවීමේ ප‍්‍රශ්නයයි. එ් සඳහා දැනට බලපවත්නා කොන්දේසියක් හැටියට ක‍්‍රියාත්මක වන ප‍්‍රතිපාදනයක් ඇත. එනම්, රජයේ උපදෙස් මත අඩු පොලී අනුපාතිකයකට හෝ වෙනත් සහනදායී ක‍්‍රමයකට ණය මුදල් සැපයීමෙන් ඇති විය හැකි පාඩුව හෝ පොලී අනුපාතයේ වෙනස මහා භාණ්ඩාගාරය විසින් ප‍්‍රතිපූරණය කිරීමයි. මේ හැරෙන්නට මෙහෙයුම් අතින්ද බැංකුවලට දරාගත නොහැකි වාණිජ පදනමකින් නොවන බාහිර ක‍්‍රියාකාරකම්වල නිරත වීමට නියෝග පැනවීම හා රාජ්‍ය උපදෙස් ලබා දීමද ගිවිසුම්ගත එකඟතා මගින් අවම කිරීමට අදාල ප‍්‍රතිපත්ති දැනට වසර ගණනාවක සිටම වලංගුව පවතී. සේවකයින් බඳවා ගැනීම, සේවක වැටුප් හා කොන්දේසි නිගමනය කිරීම, බැංකුවල ව්‍යාපාරක කටයුතු මෙහෙයවීම් සහ වෙනත් අදාල තීන්දු තීරණ ගැනීමේ පූර්ණ ස්වයංක‍්‍රීය නිදසක් බැංකු කළමනාකාරීත්වයට රජය විසින් වසර 25 ක සිටම ලබා දී ක‍්‍රියාත්මක වෙමින් පවතී. මේ පියවර ගන්නා ලද්දේ වෙනත් වාණිජ බැංකු සමඟ තරඟකාරී ලෙසින් ව්‍යාපාර ක්ෂේත‍්‍රයේ කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය නිදහස රාජ්‍ය බැකුවලට ලබාදීම සඳහා ය. මේ අතර බැංකු කර්මාන්තයේ සියලූම තරඟකාරී ආයතනවලට එක හා සමානව බලපවත්නා රෙගුලාසි හා නීති පද්ධතියක්ද ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නියාමක හා නෛතික බලතල යටතේ පොදුවේ ක‍්‍රියාත්මක වෙමින් පවතී. මෙවන් වාතාවරණයක් තුල රාජ්‍ය බැංකු රාජ්‍ය අයිතියෙන් බැහැර කොට පුද්ගලික අංශයේ කොටස්කරුවන්ගේ පාලනය යටතට පත් කිරීමට ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලපෑම් කරන්නේ මක්නිසාද යන කාරණයත්, එසේ කිරීම සඳහා හේතු වී පවතින තත්ත්වයන් කවරේද යන වගත් විමසා බැලිය යුතුව ඇත. බැංකු පද්ධතියක් තරඟකාරී වාතාවරණයක පවත්වාගෙන යාමේදී උද්ගත විය හැකි බවට හඳුනාගත් සියලූම සාධකවලට පරිභාහිරව, පියවි ඇසට නොපෙනෙන අන්වීක්ෂයකට පමණක් පෙනීයන කරුණු කාරණා එම ගෝලීය ආයතන විසින් හඳුනාගෙන තිබේද යන්න අපි නොදනිමු.

එහෙත් සියයට සීයක්ම රාජ්‍ය අයිතියේ පවතින, පොත්පත් හා වාර්තා අනුව ලාභදායී ලෙසින් පවත්වාගෙන යමින් තිබෙන බැංකු පුද්ගලික අංශයට පැවරීමට යාම ජනතාව තුල බලවත් සැකයට තුඩු දෙන ප‍්‍රශ්නයක් වන බව පැහැදිලිය. එනිසාම රජයේත්, ජනතාවගේත්, යහපාලන කෘත්‍යාධිකාරීන්ගේත් අවධානයට යොමු කිරීම සඳහා යට දැක්වෙන කරුණු කැටිකොට දැක්වීමට අදහස් කරමි.01. ප‍්‍රාග්ධන ඌණතාවයන් වශයෙන් හ`දුනාගෙන ඇති තත්ත්වය බාසල් බැංකු පිළිබද ජාත්‍යන්තර සමුළු කොන්දේසිය හා නිගමනයට අනුව සිදුවන්නකි. ශ‍්‍රී ලංකා මහ බැංකුව එම කොන්දේසිවලට අනුකූල වන සේ දේශීය බැංකු පද්ධතිය ක‍්‍රමවත්ව හැඩ ගැස්වීම රෙගුලාසි මගින් සිදු කරයි. එය රටේ සෑම බැංකුකට ම පොදුය. එමෙන්ම එම හැඩ ගැසීම සඳහා ප‍්‍රමාණවත් කාලයක් කල්වේලා ඇතිවම බැංකුවලට ලබා දීමද සිදු වේ. එසේ නම් එකම ව්‍යාපාර පසුබිමක පවතින අනිකුත් වානිජ බැංකු සමග මෙම අවශ්‍යතාවය සපුරා ගැනීමට රාජ්‍ය බැංකුවලට විශේෂ අපහසුතාවයක් පවතී ද?02. රාජ්‍ය බැංකුවල රටේ අනිකුත් බැංකු පවත්වාගෙන යන කර්මාන්ත ප‍්‍රමිතීන්ට වෙනස් ආකාරයේ සිදුවීම් තිබේද? එ්වා ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නියාමන අංශවල අවධානයට ලක් වී තිබේද? බඳවා ගැනීම්, අභ්‍යන්තර සේවක පරිපාලනය, ව්‍යාපාර ව්‍යාප්තිය සඳහා කරුන ලබන ආයෝජන යනාදිය මනා පාලනයකට හා කළමනාකාරීත්වයකට අනුව සිදු වන්නේද? දේශපාලන පත්වීම් හැටියට මෙම ආයතනවල වගකීම හා අධ්‍යක්ෂ මණ්ඩල පාලනය නිවැරදි පුද්ගලයන්ට පවරා තිබේද? රාජ්‍ය බැංකු – එ්වාට අනිවාර්යෙන්ම ලැබෙන රජයේ ව්‍යාපාර හා ගනුදෙනු මගින් ලාභ උපයා ගනිමින් අති විශාල ලෙස මුදල් වැය කෙරෙන ආයෝජන හා නාස්තිකාරී වියදම්වලට නැඹුරු වී සිටීද? වංචාකාරී හා ¥ෂිත ගණුදෙනු සඳහාත්, වංචනික ලෙස, රහසිගතව සහ නිදැල්ලේ විශාල අපයෝජන ක‍්‍රියා සඳහා වන අවිධිමත් කි‍්‍රයා රාජ්‍ය බැංකු තුල සිදුවෙමින් පවතින්නේද? එ්වා ඔවුනට පවරා දී ඇති ස්වයංක‍්‍රීය පරිපාලනයටම යටත් කිරීම නිසා නියාමනයකට භාජනය නොවී පවතින්නේද? වංචනික දේශපාලකයින් ඔවුනට කලින් කල ලබා දෙන අනිසි සේවක පත්වීම්, ගැත්තන්ට ලබාදෙන අනුග‍්‍රාහාත්මක උසස් වීම්, කොමිස් හා වෙනත් අල්ලස් හා පරිතුෂ්ටි ලබමින් ඇස් කන් පියවාගෙන සිටිනවාද? බැංකු ව්‍යාපාරය මගින් නිතැතින්ම ජනිත වන මනා ලාභදායී ධනස්කන්ධය ගසා කන්නන් කීප දෙනෙකුගේ ග‍්‍රහණයට යටත් වී පවතින්නේ ද? පුද්ගලික අංශයට කොටස් විකිණීමෙන් තවදුරටත් මෙම කටයුතු කීප දෙනෙකුගේ ග‍්‍රහණයට යටත්කර ගැනීමේ වෑයමක් පවතින්නේද? කළු සල්ලි නිදැල්ලේ රටතුලට ගලා එ්මට සකස් කර දී ඇති නව නීති රාමුව තුළ ජාත්‍යන්තර සොරුන්ට, මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයිනට සූදු පොළ හිමිකරුවන්ට ආයෝජන තෝතැන්නක් බවට බැංකු ක්ෂේත‍්‍රය පත් කිරීමේ කූට ව්‍යාපාරික සැලැස්මක් පවතින්නේ ද? රටේ දුප්පත්කම තුනී කිරීමට, ගොවියාට හා සමූපකාරීකයාට අත දීමට, රටේ සංවර්ධන ක‍්‍රියාදාමයට සහය වීමට, සාමාන්‍ය ජනතාව බැංකු පසුකම්වලට යොමු කරමින් ඔවුන්ගේ ඉතිරි කිරීම් දිරි ගැන්වීමටද යන ප‍්‍රධාන ජාතික අරමුණු සහිතව ජාතිය සතුකොට ජනතාවට දායාද කළ රාජ්‍ය බැංකු පද්ධතිය, ලෝක බැංකු ගිලටීනයෙන් ගෙල සිඳවීමට භාජනය කිරීමකට ඉඩදී බලා සිටිමුද? මේ කරන්නට යන්නේ පාර්ලිමේන්තුවෙන්වත්, තමාගේ පක්ෂයෙන්වත් නිසි අභියෝගයකට භාජනය නොවෙමින් තමාගේ සිහිනයක්ව පවතින රාම රාජ්‍ය සංකල්පය ක‍්‍රියාවට නගමින් රජය නිකම් බලා සිටිද්දී ව්‍යාපාරිකයෝ ලවා රට කරවීමේ ආර්ථික න්‍යායයක් හඳුන්වා දීමට ජාත්‍යන්තර කොන්ත‍්‍රාත්කරුවන් මෙහෙයවමින් කැස කවමින් සිටින කාගේ හෝ අභිප‍්‍රායයක් මල්පල ගැන්වීම සඳහා රාජ්‍ය බැංකු බිලි දීමක් ද? මෙය රටේ ජනතාව අවදි විය යුතු අවස්ථාවකි.

Related posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *